1.ව්‍යවහාර මුදල් Currency
👉රටක මූල්‍ය අධිකාරිය/බලධාරියා විසින් එරට එරට ප්‍රධාන මුදල් ඒකකය යටතේ නිකුත් කරන කාසි හා නෝට්ටු ව්‍යවහාර මුදල් නමින් හැඳින් වේ.
👉 ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් නිකුත් කරයි.ව්‍යවහාර මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි.
😀 ව්‍යවහාර මුදලින් ගෙවීම් ක්‍රමයේ වාසි -
Advantages of payment of Currency
👉 ගනුදෙනු ඉක්මනින් නිම වීම හා එවෙලේම ගිණුම් තැබිය හැකි වීම.
👉 නෛතික පිළිගැනීමක් තිබීම .
👉 පූර්ණ ද්‍රවශීලතාවය
👉 විශ්වාසවන්ත භාවය වැඩි වීම
👉 පරිහරණය පහසු වීම හා ඉක්මනින් හඳුනා ගත හැකි වීම.
👉 කුඩා කොටස් වලට වෙන් කිරීමේ පහසුව
😤 ව්‍යවහාර මුදල් ගෙවීම් ක්‍රමය අවාසි -
Limitations of payment of Currency
👉 මුදල් ගෙවූ බව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති වීම .
👉 ගෙවීමේදී ආරක්ෂිත බව අඩු වීම
👉 ගබඩා කිරීමට හා ආරක්ෂා කිරීමට අමතර පිරිවැයක් දැරිය යුතු වීම
👉 නිශ්චිත මුදලක් ගෙවීමට මාරු කාසි හා නෝට්ටු හිඟ වීම
2. බැංකු මුදල් Bank Money
👉 වාණිජ බැංකු සතු මහජනයාගේ ජංගම/ඉල්ලුම් තැන්පතු ශේෂ මෙයට අයත් වේ. රජය සතු ජංගම ගිණුම් ශේෂ මීට ඇතුළත් නො කෙරේ.
👉 මහජනයා සතු ඉල්ලුම් තැන්පතු ඉහල ද්‍රවශීලතාවය කින් යුත් මූල්‍ය වත්කමක් වේ.
3. ආසන්න මුදල් Near Money
👉 ව්‍යවහාර මුදල් මෙන් දැඩි ද්‍රවශීලතාවයක් නොමැත.එහෙත් පහසුවෙන් හා ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කළ හැකි විවිධ මූල්‍ය පත්‍රිකා ආසන්න මුදල් ය .
👉 කෙටි දැනුම් දීමකින් මුදල් කර ගත හැකි වෙතත්, මුදල් බවට පත් පත්කිරීමේදී පත් කිරීමේ දී සාමාන්‍යයෙන් මූල්‍ය අලාභයක් සිදු විය හැක.
උදා - භාණ්ඩාගාර බිල්පත්, වාණිජ බැංකු සතු ඉතුරුම් තැන්පතු
4. විද්‍යුත් මුදල් E- Money
👉 පරිගණක ජාලයක් උපයෝගී කරගෙන විවිධ පාර්ශ්වයන් අතර හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකි මුදල් විද්‍යුත් මුදල් වේ.
👉 මෙම මුදල් #Network Money* හෝ Cyber Money යනුවෙන් ද හැඳින් වේ.
විද්‍යුත් මුදල් වර්ග 🤔
✍️හරපත [Debit Cards]
✍️බැර පත [Credit Cards]
✍️ස්මාර්ට් කාඩ්පත් [ Smart Cards]
✍️පෙර ගෙවුම් කාඩ් පත් [Pre - Paid Cards]
✍️ ෂොපින් කාඩ්පත් [ Shopping Cards ]
හර පතකින් හෝ බැර පතකින් ගෙවීම [Debit Cards or Cards Payment]
📙 ආරක්ෂිත වීම .
📙 නියමිත මුදලට ම ගෙවිය හැකි වීම.
📙එහෙත් විද්‍යුත් මුදල් ගනුදෙනු කිරීමේ පහසුකම විකුණන්නාට තිබිය යුතු වීම අවාසියකි .
📙හර කාඩ් කාඩ්පතකින් ගණුදෙනු කිරීමට ගිණුමේ මුදල් තිබිය යුතු අතර බැර කාඩ්පත් කින් යම් සීමාවක් මත ණයට ගනුදෙනු සිදුකළ හැක.
✍️අභ්‍යාස - බැංකු මුදල් හා විද්‍යුත් මුදාල් අතර වෙනස
✍️අභ්‍යාස - ගණුදෙනු සඳහා භාවිත විද්‍යුත් මුදල් නම් කර ඒවා ජනප්‍රිය වීමට හේතු පැහැදිලි කරන්න
✍️ අභ්‍යාස - ගණුදෙනු සඳහා ව්‍යවහාර මුදල් හා චෙක්පත් භාවිතය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර විද්‍යුත් මුදල් භාවිතය වැඩි වී ඇත මෙසේ විද්‍යුත් මුදල් භාවිතය වැඩි වීමට හේතු
5) නියෝජ්‍ය මුදල් [ Agent Money ]
ව්‍යවහාර මුදලින් ගෙවීම සිදු කිරීම අපහසු අවස්ථාවලදී අදාළ ගෙවීම් නිත්‍ය ලෙස සිදුවීම සඳහා භාවිතා කරන පත්‍රිකා හෝ ලියකියවිලි නියෝජ්‍ය මුදල් නම් වේ.
උදා - ගනුදෙනු කළහැකි උපකරණ.
6. පූර්ණ මුදල් [ Perfect Money ]
👉මුහුණත වටිනාකමට සමානව අඩංගු ලෝහයේ වටිනාකම සහිත නෛසර්ගික වටිනාකමක් සහිතව සකස් කරන ලද මුදල් පූර්ණ මුදල් නම් වේ.
උදා - අතීතයේ භාවිතා කළ රන් කාසි/ ස්ටර්ලින් පවුම්.
7. නිමිති මුදල් [Token Money]
මුහුණට වටිනාකමට සමාන නෛසර්ගික වටිනාකමක් නැති නිල වටිනාකමක් ඇති මුදල් නිමිති මුදල් ය.
නිදාසුන් - කාසී හා නෝට්ටු..
8. කළු මුදල් [Black Money]
👉විධිමත් හෝ නීත්‍යානුකූල නොවන ක්‍රම තුලින් උපයාගත් මුදල් කළු මුදල් නමින් හැඳින්වේ.කලු මුදල් නැවත සාමාන්‍ය නීතියානුකූල සංසරණයට ඇතුළත් කරගැනීමට රජයේ විවිධ පියවරයන් හෝ උපක්‍රම භාවිතා කරනු ලැබේ.
නිදාසුන් -
✍️තැන්පත් සහතික ක්‍රම හඳුන්වා දීම.
✍️භාණ්ඩාගාර තැන්පත් සහතික හඳුන්වා දීම .
✍️තැන්පත් සදහා අංකිත ගිණුම් ක්‍රම ඇරඹීම.
👍👎 වර්තමානයේ අවිධිමත් ජාවාරම් වලින් උපයා ගනු ලබන කලු මුදල් බැංකු උපයෝගී කරගෙන නීතියානුකූල තත්ත්වයට පත් කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කිරීම "මුදල් විශුද්ධිකරණය" ලෙස හැඳින්වේ.
👎👍 "KYC" [Know Your Customer] නීති යටතේ ගිණුමක් විවෘත කිරීමේදී අනන්‍යතාවය කෙරේ දැඩි අවධානයක් යොමු කරන ලෙස අදාළ රටවල මහ බැංකු විසින් උපදෙස් ලබා දී ලබා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණයෙන් බැංකු මුදවාගැනීම සඳහා වේ .
👍👎 මේ අනුව සෑම බැංකුවක්ම ගිණුම් විවෘත කිරීමේ දී KYC නීතිය මද ලියකියවිලි ලබා ගන්නා අතර ලක්ෂ 10ක් ඉක්ම වූ සැකසහිත ගනුදෙනුව ම ශ්‍රී ලංකා මහ බැංකුවේ යුද්ධයකට වාර්තා කළ යුතුය
9). අධි බලති මුදල් / පදනම් මුදල් [High power Money / Base Money]
👉රටක මුදල් සැපයුම් පදනම් වූ අධි ද්‍රවශීලතාව යුතු මුදල් පදනම් මුදල් ලෙස හඳුන්වයි.
👉මහජනයා හා වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු මහ බැංකුවේ පවත්වන්න තැන්පතු මෙම ගණයට ඇතුළත් වේ.
10. යුරෝ මුදල් [Euro Money]
👉සාමාන්‍යයෙන් රටක මූල්‍ය බලධාරියා ලෙස මහ බැංකුව මුදල් නිකුත් කරන නමුත් මෑතකදී රටවල් කිහිපයක් එකතු ව එක් මුදල් වර්ගයක් නිර්මාණය කරන ලදී මෙම මුදල් වර්ගය "යූරෝ"මුදල් ලෙස හැඳින්වේ.
👉යුරෝපීය සංගමය විසින් 1999.01.01 දින සිට තම සාමාජික රටවල භාවිතයට හදුන්වා දුන් මුදල් වර්ගයයි යි.යුරෝපීය පොදු වෙළඳ හවුලේ සාමාජික රටවලින් යුරෝ භාවිතා කරන රටවල් වන්නේ..
🛅️ බෙල්ජියම,ඕස්ට්‍රේලියාව, පින්ලන්තය,ප්‍රංශය ජර්මනිය, නෙදර්ලන්තය, අයර්ලන්ත, ඉතාලිය, පෘතුගාලය හා ස්පාඤ්ඤය.
-නිමි-
ලිපිය ගැන ඔබේ අදහස #COMMENT කරන්න
📲Whats App
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB - #BSSTUDENTS1ST
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
#BUSINESS #STUDIES #STUDENTS❤️