වෙළඳපොළ වර්ග





😨 "වෙළඳපොළ වර්ග" කිහිප ආකාරයකට ප්‍රශ්න ගොඩනැගිය හැකි මුලික විෂය කරුණකි.
🤔 ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් වෙළඳපොලක් ලෙස
හඳුන්වයි.මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා සපයා ගැනීම වෙළඳපොල මගින් සිදු කරයි.
🎖️️ "වෙළඳපොළ වර්ග දෙක පැහැදිලි කරන්න"
🎖️️පාරිභෝගික මැදිහත්වීම අනුව වෙළඳපොළ වර්ග කරන්න.
🎖️️ නූතන වෙළඳපොළ වර්ග කරන්න.
🎖️️විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගැනීම 
මත වෙළෙඳපොළ කොටස් දෙක නම් කරන්න.
ඉහත දැක්වෙනුයේ එවනි ප්‍රශ්න කිහිපයකි...
දැන අපි පිළිතුරක් ගොඩනගමු.
🌞 වෙළෙඳපොළ වර්ග දෙක පැහැදිලි කරන්න.
1. අවශ්‍යතා හා වුවමනා අනුව වර්ග කිරීම
මෙය නැවත කොටස් දෙකකි..
i - පාරිභෝගික (Consumer) වෙළෙඳපොළ                   ["භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නන්ගේ" වෙළඳපොළ ]
ii - කාර්මික (Industrial) වෙළෙඳපොළ
[භාණ්ඩ හා සේවා  මිලදී ගන්නා "ව්‍යාපාරිකයන්ගේ" වෙළෙඳපොළ.
2. පාරිභෝගිකයා මැදිහත් වන මට්ටම අනුව වර්ග කිරීම.
මෙයද කොටස් කිහිපයකින් සමන්විත වේ
i- ගෝලීය (Global)
ii- කලාපීය (Geographic)
iii- ප්‍රජා (Demographics)
iv- විභව (Potential)
v- සත්‍යය (Actual)
vi- අවශ්‍යතා (Need)
vii- නිෂ්පාදිත (Product)
🌞 පාරිභෝගික මැදිහත් වීම මත වෙළඳපොළ වර්ග කරන්න.
1.ගෝලීය
- ජාත්‍යන්තර මට්ටමින් පවත්වා වෙළඳපොළ.
2.කලාපීය
- සැfප්ටා,EU,නැfප්ටා ලෙස නම් නම්කරන වෙළදපොල.
3.ප්‍රජා
- පුද්ගල ගති ලක්ෂණ හා බැඳි වෙළඳපොළ.
4.විභව
- කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයා තුළ ඇති වන ප්‍රමාණවත් කැමැත්ත සලකා බැලෙන වෙළෙඳපොළ
5.සත්‍ය
- කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් දිගින් දිගටම මිලදී ගන්නා හා පරිභෝජනය කරන ගනුදෙනුකරුවන් සීමිත වෙළෙඳපොළ.
6.අවශ්‍යතා
- සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන සඳහා පවත්නා ඉල්ලුම සම්බන්ධ වෙළඳපොළ
7. නිෂ්පාදිත
- නිශ්චිත භාණ්ඩ හා සේවා සඳහා වූ වෙළඳපොළ.
🌞 නූතන වෙළඳපොළ වර්ග
1. පාරිභෝගික වෙළෙඳපොළ Consumer  - ( පාරිභෝගික භාණ්ඩ හා සේවා අලෙවි වන )
2. සේවා වෙළෙඳපොළ Service  -  (මූල්‍ය සේවා,කාර්මික සේවා හුවමාරු වන)
3. ප්‍රාග්ධන භාණ්ඩ වෙළෙඳපොළ Capital goods - ( යන්ත්‍රෝපකරණ හෝ මාරුවන )
4. ශ්‍රම වෙළඳපොළ Labour - (ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන)
5. නිවාස හා දේපල වෙලඳපොල Housing Market
6. මුදල් වෙළෙඳපොළ Money Market
7.ප්‍රාග්ධන වෙළෙඳපොළ Capital Market
8. ද්‍රව්‍ය වෙළඳපොළ Commodity Market
9. කාර්මික වෙළෙඳපොළ  Industrial Market
🌞 විද්‍යුත් තාක්ෂණය උපයෝගී කරගැනීම මත වෙළෙඳපොළ කොටස් දෙක නම් කරන්න.
1.වෙළඳපොළ ස්ථානය Market Place
- හුවමාරුව සඳහා ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන ස්ථානයක්, භූමියක් වෙළඳපොළ ස්ථානය ලෙස හැඳින්වේ.
2. වෙළෙඳපොළ අවකාශය Market Space
- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරමින් භාණ්ඩ හා සේවා විකිණීම හා මිලට ගැනීම අවකාශය තුලින් සිදුවීම වෙළඳපොළ අවකාශ නම් වේ.
-----------°°°°°°°°-------------
👍LIKE
✍️COMMENT
💯SHARE
🌷TAG UR BEST FRIENDS
📲Whats App
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB - #BSSTUDENTS1ST
🤟 කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
#BUSINESS #STUDIES #STUDENTS®
#BSSTUDENTS1ST©
online class