රු. බිලියන 3.92 ක විදෙස් ආයෝජන මේ සතියේ දී කොටස් වෙළෙඳපෙළෛන් ඉවතට


කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනය තුළ දී ඒකක 48.04 ක් වර්ධනයක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,978.63 ක් ලෙසින් වාර්තා විය. කෙසේ වෙතත් සතිය ආරම්භයට සාපේක්ෂව මෙම සතිය තුළ දී ඒකක 113.58 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.
මේ අතර අද දිනයේ දී රුපියල් බිලියන 1.28 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර මෙම සතියේ සෑම ගනුදෙනු දිනයකදීම රුපියල් බිලියනය ඉක්මවූ පිරිවැටුම් වාර්තා වීම කැපී පෙනෙන කරුණක් ලෙසින් දැක්විය හැකිය. මේ අනුව 2018 නොවැම්බර් 05 සිට අද (09) දක්වා ගනුදෙනු සතිය තුළ දී රුපියල් බිලියන 7.8 ක පිරිවැටුම් වටිනාකමක් ගනුදෙනු දින 4 ක් තුළ දී වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් මෙම සතිය තුළ දීද සුපුරුදු පරිදි ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වේ. සතිය තුළ විදේශීය මිල දී ගැනීම් රුපියල් බිලියන 1.45 ක් ලෙසින් වාර්තා වන අතර විදේශීය විකුණුම් රුපියල් බිලියන 5.37 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව මෙම සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති ආයෝජනවල ශුද්ධ වටිනාකමරුපියල් බිලියන  3.92 කි. එසේම පසුගිය ඔක්තෝබර් 26 වනදායින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කෙරී ඇති ශුද්ධ විදේශ ආයෝජන වටිනාකම රුපියල් බිලියන 11 ඉක්මවා ඇති අතර 2018 වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම රුපියල් බිලියන 20 සීමාව ඉක්මවා තිබේ.
💡https://bsstudents1st.blogspot.com
📲Whats App - Call -MSG
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB
https://www.facebook.com/Business-studies-student-314731432656797
❤️🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
  ..🤗
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️
online class