🔂 විනිමය බිල (bill of exchange) සම්පූර්ණ පැහැදිලි කිරීමක්...

විනිමය බිලක් යනු ලද වටිනාකම සලකා සඳහන් මුදල් ප්‍රමාණය ඉල්ලූ විට හෝ නිශ්චිත දිනයකදී දිනයක දී හෝ ඊට පෙර යම් නිශ්චිත පුද්ගලයකුට (ආදායකයාට) හෝ ධාරකයාට හෝ ඔහු ගේ නියෝගයකට ගෙවන ලෙස ණය හිමියෙකු විසින් කරන ලද * කොන්දේසි විරහිත * අණක් ණයගැතියෙකු විසින් කොන්දේසි විරහිත ව පිළිගැනීම නිසා ඇතිවන හුවමාරු පත්‍රයකි . 🚥ලද වටිනා කම යන්නෙහි අදහස කිසියම් වෙළෙඳ භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් පදනම් වූ ක්‍රියාවලියක් බවයි. 🚥 කොන්දේසි විරහිත යන්නෙහි අදහස දෙපාර්ශ්වයට ම ගෙවීම හා ලැබීම සම්බන්ධයෙන් කොන්දේසි පනවා නැති බව යි 👉 ලියකියවිලි සහිත විනිමය බිල විනිමය බිල සමඟ ලියකියවිලි ද අමුණා ඇති බිල මේ නමින් හඳුන්වයි.බොහෝවිට විදේශ වෙළඳාමේ දී භාවිතා වන බිලකි. එනම් නෞභාරයට සම්බන්ධ ලියකියවිලි විනිමය බිල සමග අමුණයි. මෙම බිල් ද ස්වරූප දෙකකි. 1.ගෙවීම් මත ලියකියවිලි (documents against payment) D/P 2. ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි document against acceptance D/A ගෙවීම මත ලියකියවිලි වන්නේ විනිමය බිලෙහි සඳහන් වටිනාකම ගෙවූ පසු අදාල ලිය කියවිලි ලබා දීමයි. ප්‍රතිග්‍රහණය කිරීමෙන් පසු ව ලියකියවිලි ද ලබා ලබාදේ නම් එය ප්‍රතිග්‍රහණය මත ලියකියවිලි වේ. ✔️නිශ්චිත පුද්ගලයකු හෝ ඔහුගේ අණට හෝ රැගෙන එන්නාට ඉල්ලූ විටෙක දී හෝ නියම කරන ලද අනාගත දිනයකදී නියමිත මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු යැයි නියම කරමින් දෙනු ලබන තැනැත්තා විසින් තවත් අයෙකු වෙත නිකුත් කරන ලද කොන්දේසි විරහිත ලිඛිත නියෝගය කි. ✔️ මුදල ලබා ගැනීමට හිමිකම ඇති පාර්ශව විසින් විනිමය බිල සකස් කරන බැවින් "එය ගනුදෙනු කළ කළහැකි ලියවිල්ලක් වීමට ප්‍රතිග්‍රහණය එකතු කළ යුතු ය " ✔️ විනිමය බිලක් ප්‍රතිග්‍රහණය කිරීමේදී "ප්‍රතිග්‍රහණය කළෙමි" එලෙස අස්සන් කළ යුතු ය.එහි කොන්දේසි වෙනස් කළේ නම් ඒ විශේෂ ප්‍රතිග්‍රහණ යක් වන අතර එලෙස ම ප්‍රතිග්‍රහණය කළේ නම් සාමාන්‍ය ප්‍රතිග්‍රහණය කි. ✔️ ප්‍රතිග්‍රහණය කළ විනිමය බිලකට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග 3 කි . 1.කල් පිරුණු පසු ප්‍රතිග්‍රාහකයාට ලබාදී මුදල් ලබාදීම. 2.බැංකුවකට හෝ වට්ටම් ආයතනයකට ලබා දී මුදල් ලබා දීම. 3.පිටසන් කර වෙනත් ගනුදෙනුවක් පියවීම පියවීම සඳහා භාවිතා කිරීම.
online class