🔰 දහ වන ඒකකය
🔰 සැපයුම් සේවා කළමනාකරණය හැඳින්වීම.
(Logistics Management)
🛅️අද මෙම ක්‍රමය වාණිජ ලෝකය දියුණු ක්‍රමයක් ලෙස සංවර්ධනය වී ඇත.
🛅️භාණ්ඩ හා සේවා සහ ඊට සම්බන්ධ තොරතුරු ප්‍රභව ස්ථානය සිට අවසානය අවසාන
පාරිභෝගිකයා දක්වා කාර්යක්ෂමව කළමනාකරණය ඔස්සේ සැපයීමේ ක්‍රියාවලිය සැපයුම්
සේවා කළමනාකරණ ලෙස හැඳින්වේ.
🛅️ නිෂ්පාදනයට අවශ්‍ය කරන මුදල් ,අමුද්‍රව්‍ය වැනි සම්පත් සපයා ගැනීම ද
මෙම සේවාවේ අංගයක් වන අතර ,ප්‍රවාහනය ,ගබඩා කිරීම,පාරිභෝගිකයින් දක්වා
අලෙවිකරණ යන සියලුම කාර්යයන් ඒකරාශී කිරීම සැපයීම් සේවාව කාර්යන්ට අයත් වේ.
🛅️ ඒ අනුව මෙම ක්‍රියාවලිය ප්‍රධාන අංශ දෙකක් ඇත.
👉 නිෂ්පාදන ආයතනය දක්වා භාණ්ඩ අමු ද්‍රව්‍ය ආදිය සැපයුම් කිරීම .
👉 නිෂ්පාදිතයන් පාරිභෝගික අතට පත් කිරීම .
🛅️බොහෝ ආයතන මෙම සැපයුම් සේවා "ඉන්ට්‍රානෙට්" පද්ධතියක් තුළින් පාලනය වන
බැවින් සැපයුම්කරුවන් හා සිල්ලර හා තොග වෙළඳ සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා
ගනී .
🛅️මේ සඳහා විවිධ තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගන්නා බව පෙනේ .
සැපයුම් සේවා වර්ධනට දරන විවිධ පද්ධති.
- නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා වූ ප්‍රවාහන පද්ධතිය (Heavy Inbound logistic SySyste) නිෂ්පාදන ක්‍රියාවලියක් දක්වා සැපයුම් කිරීමට මෙම පද්ධතියෙන් අදහස් කෙරේ .
- සමබර වූ ප්‍රවාහන හා සැපයුම් පද්ධති (Balance Logistics System) සැපයුම්කරුගේ පටන් නිෂ්පාදකයාගේ දක්වා හා පසු අවසාන පාරිභෝගිකයා දක්වා සමානව ප්‍රවාහනය පවත්වාගෙන යාම මෙයින් අදහස් වේ .
- නිෂ්පාදකයාගෙන් පසු පාරිභෝගිකයාගේ අතට පත් කිරීමේ පද්ධතිය (Heavy Outbound Logistics System) නිෂ්පාදනය කරන ලද භාණ්ඩ සිල්ලර වෙළෙන්දාට හෝ පාරිභෝගිකයා අතට පත්කිරීම පත්කිරීම සඳහා පිළියෙල රූ ප්‍රවාහන පද්ධතිය හා සැපයුම් ක්‍රියාවලිය මේ මගින් සිදු කෙරේ.
- නිෂ්පාදන අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහනය කිරීමට සමන්විත පද්ධතිය. (Revers Logistics System) පාරිභෝගිකයා වෙත ලබාදෙන භාණ්ඩ අවශ්‍ය වුවහොත් නිෂ්පාදිත ආයතනය වෙත නැවත ප්‍රවාහනය සඳහා සැලසුම් කර ඇති පද්ධතිය වේ. සැපයුම් සේවා කළමනාකරණය කාර්යක්ෂමතාවය සංවර්ධනයට අවශ්‍ය සාධක .
- ඉක්මනින් අදාළ ස්ථානයට ප්‍රවාහනය කළ හැකි ආකාරයට ප්‍රවාහන මාධ්‍යයක් ඔවුන් සතු වීම හෝ වෙනත් අයගේ මාධ්‍ය යොදා ගැනීමේ හැකියාව.
- සැපයුම්කරුවන් පාරිභෝගිකයන් අතර තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පද්ධතියක් තිබීම.
- just in time වැනි නූතන නූතන ක්‍රම වේද සංවර්ධනය කර තිබීම.
- ඉන්ටනෙට් හා ඉන්ට්‍රානෙට් ක්‍රම භාවිතා භාවිතාව පිළිබඳ සේවකයන් තුළ දැනුමක් හා නිපුණතාවයක් තිබීම.
- නවතම ක්‍රම පිළිබඳ සේවකයන් සතුව නිපුණතා හා දැනුම තිබීම.
- මනා මෙහෙයුම් ක්‍රියාවලියක් ස්ථාපිත වී තිබීම.
- ප්‍රවාහනය හා සැපයුම් කිරීමට අදාලව කාර්යක්ෂමතාවය කේන්ද්‍රීය වීමට කළමනාකරණ රටාවක් ආයතනයක් තුළ තිබීම.
- සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගිකයන්ගෙන් නිර්මාණශීලීය අදහස් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හා ඔවුන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම.
සාර්ථක සැපයුම් සේවා ක්‍රමයක් මගින් ලැබෙන ප්‍රයෝජන
- අපද්‍රව්‍ය කළමනාකරණ ඉතා පහසුවෙන් කල හැකි වීමයි.
- තරඟයට සාර්ථකව මුහුණ දීමට හැකිවීම.
- පාරිභෝගික උවමනාවන්ට අනුකූලව ගුණයෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි වීම .
- ව්‍යාපාරික කොටස වැඩි දියුණු කර ගත හැකි වීම .
- අප තේ හා නාස්තිය අවම වීම .
- Blogspot -🖥https://bsstudents1st.ga
📲Whats App/Call/MSG
0772977734
📧 Email - businessstudystudents@gmail.com
💻FB
https://www.facebook.com/Business-studies-student-314731432656797
BSSTUDENTS1ST
🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️