#MCQ #එක #හරියට #කරමු..




ඔයා ගන්න හැමදාම ලකුණක්ම වැදගත් හැබැයි. එහෙම වෙන්නේ කොහමද...ලියන උත්තරේ සාපේක්ෂව නිශ්චිතව පිළිතුර මොකක්ද පිළිතුරු පිළිතුරු පත්‍රය තියෙන උත්තරේම හෝ ඊට සමාන උත්තරයක් හොයාගෙන තිබුනොත් ඔයාට හිමි ලකුණු හිමි වෙනවා.. නමුත් #mcq එකක් පිළිතුර නිශ්චිතයි ..

මෙතන ඉදන් අපි අපේ සබ්ජෙක්ට් එකේ #mcq ගැන කතා කරමු.. අනෙක් විෂයන් එක්ක  ඔයා සසදලා බලන්න...

ඔන්න ඔයාගේ BS පේපර් එකේ ඔයාට MCQ 50 ක් හිමි වෙනවා..එකෙන් පලමු 30 පිළිතුර තෝරන්නත්..30 සිට 40 දක්වා හිස්තැන් සම්පුර්ණ කරන්නත් 40 සිට 50 දක්වා නිශ්චිත දිගු පිළිතුරු ලියනත් තමයි තියෙන්නේ..ඒ සදහා ඔයාට පැය #දෙකක කාලයක් හිමි වෙනවා..

#ගොඩක් අයට  MCQ   Ppr එක පැය 1ක් පැය 1.30ක් අතර අවසන් කරනවා. ඒ වගේ කාල සීමාවකින් ඉවර කරනවා කියන්නේ ... ඇයි ඔයාට MCQ Ppr එක පැය  #2ක් හිමි වෙන්නේ..

ඔයා පැය 2ක ම පේපර් එක කරන්න ටයිමින් බැලන්ස් ඔයාට MCQ  වැඩි ප්‍රමාණයක් නිවරදිව කරන්න පුලුවන් ..BS MCQ Ppr එකට  ඔයා 35 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිවරදිව කරනවා කියන්නේ  #A සාමාර්ථයකට පහසුවෙන් ගමන් කරන්න ලේසියි...

MCQ 45 ට වැඩි ප්‍රමාණයක් නිවැරදිව කරන්න පුළුවන් කියන්නේ ඔයා විෂය නිර්දේශ ආවරණය 92%-95%  ක් අතර ප්‍රමාණයක් නිවරදිව ඉගැනගෙන තියෙවා කියන එක..කණාවට ගහලා MCQ  45 හරියනවා නම  එක 0.001% ක් වගේ ප්‍රතිශතයක්..ඒක නිසා  ඔයා MCQ 45 ක් + නිවරදිව කරොත්..ඔයාට දිස්ත්‍රික් කුසලාතාවයක් වෙන් වෙලා තියනවා කියලා තමා එකෙන් තීරණය වෙන්නේ..

ඔයා නිවැරදිව විෂය අධ්‍යයනය කරලා නොමැති නම් අනිවාර්යයෙන්ම ඔයා කියාවි  MCQ එක නම් අමාරුයි..ලියන එක (ii) කොටස නම් හිතලා ලිව්වා කියලා..

මොකද MCQ එකක් කරනකොට ප්‍රශ්න අහන්නේ මොකක්ද කියලාත් 1-30 වෙනකම් නම් දීලා තියෙන පිළිතුරු  #05  ගැන මත් දැන ගෙන ඉන්න් ඔනී..නැතිව උත්තරයක් තෝරගන්න බෑ..

* මේ කාල සීමාව තුළ වැඩි MCQ  ප්‍රමාණයක් අභ්‍යාස වල නිරත වීම තුළ ඔයාට වැඩි MCQ ප්‍රමාණයක් නිවරදිව කරන්න හැකියාව ලැබෙනවා..
පෙර පුහුණුව ඉතාම වැදගත් අනිවාර්යයෙන් ඔයාට..//

දැන් පේපර් එකේ Structure  එකත් එකක් කතා කරමු ..ඔයාට 1-30 අතර නිවරදි පිළිතුර තෝරන්න, නිවැරදි පිළිතුර ගළපන්න ,වගේම  #case #study   විදිහටත් ඔයාට පේපර් කේ ප්‍රශ්න බෙදිලා යනවා.. මෙතනදි ඔයා #case #study  වලට වැඩි බර තැබීමක් කරන්න වෙනවා කියලා ත් මතක් කරනවා.. එවැනි ප්‍රශන සෑම විටම පැහැදිලි කිරීමක් තුළ ඇති විෂය කොටස් සොයා ගැනීමක් සිදු කිරිමක් තමා සිදුවෙන්නේ..

ඉහත සඳහන් ආකාරයේ ගැටළු වලින් නිවැරදිව ඔබට පිළිතුරක්  තෝරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම විෂය  දැනුමෙන් පරිපූර්ණ වීම අත්‍යවශ්‍ය වේ...

#නිවරදි #පිළිතුර #තෝරන්න යන ප්‍රශ්න වලට #පිළිතුරු #ඉවත් #කිරීමේ #ක්‍රමය  අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය වේ.

එසේම නිවැරදි පිළිතුරු ගැලපීමේ ගැටලුවකදී ඔබ මුලින්ම,ඔබ දන්නා පිළිතුරු අතර ගැලපීම සිදු කර, පිළිතුරු සමග එම ගැලපීම් පවතීද යන්න මුලින්ම පරික්ෂා කර බලා නිවරදි පිළිතුර තෝරා ගැනිමට ඔබට පහසුවකි..

එසේම 1 සිට 30 වන #case #study ප්‍රශ්න සඳහා ඔබ 2019 සිට වැඩි අවධානයක් යොමු  කිරීමට සුදු වන අතර අවම ප්‍රශ්න 5-7 අතර ප්‍රමාණයක් අපේක්ෂා කල හැකිය..

 මෙම ගැටලුව සඳහා පිළිතුරු සැපයීමේ දී ඔබේ නිරීක්ෂණ මනසින් යුතුව ගැටලුව දෙස බැලීම අනිවාර්ය වේ.  ප්‍රශ්නය එක් වරක් කියවා අසන්න විෂය කරුණු , ඡේදය තුළ පැහැදිලි වන අවස්ථා යටින් ඉරක් ඇඳ, වචනයෙන් වචනයට පැන් තුඩ රැගෙන යාම තුළ ඔබට වඩාත් නිවැරැදි පිළිතුර නිවැරදි තීරණය කිරීමට අවස්ථාව හිමිවේ..

30 සිට 40 ටික එතකොට...🤔

30 සිට 40 දක්වා ප්‍රශ්න 10 හි එක් ප්‍රශනයකට අ) , ආ) යන අනුකොටස් දෙකකින් යුක්තවේ..

මෙම අ) කොටසක හිස්තැන් අවම එකක් හෝ උපරිමය හිස්තැන් දෙකකින් යුතු වේ..

එම හිස්තැන් සම්පූර්ණ කිරීම සඳහා ඔබේ නිර්මාණශීලී තර්කන හැකියාව නිවැරදි පිළිතුර ගළපා ගැනීමට සූක්ෂම බුද්ධියක් තිබිය යුතුය.

විශේෂ :-

කිසිදු විටෙක එක් හිස් තැනකට පිළිතුරු දෙකක් ලිවීම නොකළ යුතුය.

40 සිට 50 දක්වා..

දිග පිළිතුරු හතරක් ලිවීමට ඔබට මෙම ප්‍රශ්න 10 හිමි වන අතර එම පිළිතුරු ලබා දී ඇති ඉඩ ප්‍රමාණය තුළ නිශ්චිතව ලිවීම අනිවාර්ය වේ.

49/50 යන ප්‍රශ්න ව්‍යාපාර අධ්‍යනය විෂය විෂය සමගාමී ඡායාරූප හතරක් නම් කිරීමට ඔබට ලබා ලබාදේ..

❤️ mcq පේපර්ස් කරන්න පටන් අරන් නම්...දැන් දැන් ම කරන්න පටන් ගන්නවා නම්..මෙන්න පොඩි ටෙක්නික් එකක්..😄

ඉස්සෙල්ලම අවුරුදු 3ක 4ක #mcq  පේපර්ස් ටික ගන්න..
හරියටම ටයිම් තියලා දන්න උපරිමයෙන් ඒ පේපර් ටික කරන්න ..එක දිගට..
උත්තර ප්‍රශ්න අංක පිළිවෙලට ලියන්න වෙනම කොලේක..

(වුවමනාවක් උනන්දුවක් තියෙනවා නම් ඕක ලොකු දෙයක් නෙමේ..)

දැන් ගන්න රතු පෑනක්..අරන් හරි වැරදි බලන් යන්න..

දැන් කීයක් හරි ද..වැරදිද?

වැරදි ප්‍රශ්න ටික ගන්න...

අවුරුදු 4ම..

අපි හිතමු...2014 ඔයාගෙ වැරදි

2, 8 ,21 34, 39

2015 වැරදි...

2, 9, 20, 33,39

2016 වැරදි...

1, 2, 8, 20,21 ,33,39

2017 වැරදි...

2, 8 ,21 34, 39

(මීට වඩා වරදින්න පුලුවන් ..මේක උදාහරණයක් හොඳේ..)

දැන් හොදට ඇස් ඇරලා බලන්න..ඔය වැරදුන ප්‍රශ්න අංක දිහා..

රටාවක් ඇති...හැම එකේම 2 තියෙනවා ..
8 ,9 ආසන්නයේ තියෙනවා ..ආයෙ 34 වගේ ටිකක් තියෙනවා ...

මොකක්ද මේ ඔයාට අහුවුනේ..ඔයාට බැරි හෝ ඔයා වැරදියට සංකල්ප ඔලුවට දාගත්ත පාඩම් ටිකෙන් හැදෙන ප්‍රශ්න ...

ඉතින් හරි සරලයි...ඔය ප්‍රශ්න ආයෙ කරන්න බලන්න..

නොතේරෙනවා නම් ආයෙ නෝට්ස් ටික බලන්න..

ඊට පස්සෙ ආයෙ පේපර් කරන්න ..අර සමාන අංක වරදිනවද බලන්න ..ඔව් නම් අසාර්ථක යි..ඔයාගෙ පාඩම් කිරීම..
හැබැයි 80%කට ඕක සාර්ථක ක්‍රමයක් කියන්න පුලුවන් ..(  අත්දැකීමක් කියන්නෙ )

ජීවිතේ වෙනස් වෙන්න එක #mcq එකක් ඇති..එක දශමයක් ඇති..

ඒ වැරැද්ද හදාගන්න...

Business study  වල තියෙනවා ශූන්‍ය දෝෂ ශිල්ප ක්‍රමය...

ඔයා ඒ මට්ටමට ළඟා වෙන්න යම්තාක් දුරට හරි උත්සාහ කරන්න ..බැරි නෑ..පුලුවන් අනිවාර්යයෙන් ...✌️💪
යාලුවෝ  #Mention කරන්න..
ඔයාගේ අදහස්, ඔයා දැනට භාවිතා කරන ක්‍රම #Comment කරන්න...

#BSSTUDENT1ST©
Business studies student
online class