මේ එන අගෝස්තු පලවෙනි දාට අපේ පේජ් එකට හරියටම අවුරුද්දක් වෙනවා..ඉතින් වසරක් ඇතුළත අපි වටා 20,000ක් එකතු වෙලා ඉන්නවා..
අපි හිතනවා ඔයාලට අපි පුංචිම දෙයක් හරි දුන්නා කියලා. ඔයාලගේ විභාගය දැනුම වෙනුවෙන් උදව් කරන්න පුළුවන් වුණා කියලා..
අපිට අවුරුද්දක් වෙනකොට අපේ නංගීලා මල්ලීලා Exam එකත් ලියනවා..ඒ වෙනුවෙන් අපි පුංචි දේවල් ටිකක් කියනම්..
අංක එක ඔයා හොදට පාඩම් කරලා මේ වෙනකොට හොද සුදානමකින් යුතුව ඉන්නවා..
විභාගයට යන්න කලින් ඔයාගේ ආගමික වතාවත් කරලා ඔයා හොද ආත්ම විශ්වාසයකින් යන්න "මම තරම් අද හොදින් විභාගය ලියන කෙනෙක් නැතුව ඇති" කියලා හිතලා..
ඒ වගේම විභාග ශාලාවේ දි ඇස් දෙක පියන් තමන්ට අදාල විෂයට උදව් කල ගුරුවරුන් ට ස්තුති කරලා මේ විභාගය මේ ශාලාවේ ඉන්න හැමෝම හොදින් ලියන්න ඕනී කියන යහපත් සිතුවිල්ලක් ඇති කරගන්න..
ඔයාට විභාගයට අරගෙන යන්න ඔනී #ID කාඩ් එක #Admission එක අනිවාරෙන් අරන් යන්න පැන් පැන්සල් මකනක් ,ලේන්සුවක්,වතුර බෝතලයක්,ඔරලෝසුවක් මේ හැම එකක්ම අරගෙන යන්න Exam හෝල් එකේ කාටවත් කරදරයක් වෙන්න එපා එවා ඉල්ලලා..පෙර සුදානම කියන්නේ එකයි..
තමන්ට බැරි ප්‍රශ්න ඉතිරි කරලා පුළුවන් ප්‍රශ්න හොදින් මුලින් ලියන්න..පස්සේ අර බැරි ප්‍රශ්න ටික කරන්න උත්සහ කරන්න..ප්‍රශ්න මිස් කරන්නේ නැතුව ටයිමින් බැලන්ස් කරලා ලියන්න හැම ප්‍රශ්නයකට තමන් දන්න තරමින් උත්තරයක් නිර්මාණය කරන්න..හිස්තැන් තියන්න එපා..
ඩෙල්ටා ටොෆී කිහිපයකුත් අරගෙන යන්න ඔයාගේ ස්ට්‍රෙස් එකට ඕනී වෙයි..එවා විහිලු වගේ ඒ උනාට මනෝ විද්‍යාත්මක පැති කඩක් එකේ තියෙනවා..වතුර බෝතලයක් කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ අරගෙන යන්න..
තමන්ට කරන්න පුළුවන් හැම #Technique එකක්ම දාලා පුළුවන් තරම් ලකුණු ගන්න..
නොදන්න ප්‍රශ්න යක් උනත් තමන් දන්න Technique වලින් ලකුණු ගන්න පුලුවන් ..සමහර පේපර් එකේ වෙන තැනිකින් උත්තර ගොඩගන්න Point තියෙන්න පුලුවන් ඒ වගේ තමා..
ඒ වගේම වැදගත්ම දෙයක්..ඉකෝන් ඉවර වුණාම ඉකෝන් පොත් සෙට් එක මේසෙන් අයින් කරන්න ..bs විතරක් තියාගන්න...bs ඉවර වුණාම ඒක අයින් කරන්න ..aac ළඟට ගන්න
ඔයා හොදින් ලියලා කැම්පස් සෙට් උනොත් ඔයාගේ අම්මා තාත්තා ඉඳන් හැම කෙනාම.ඔයා ගැන කියයි..ගුරුවරු කියයි..කතා කරයි..
ඒ වගේම #ෆේල් උනොත් ඔයා දැන ගනීවී අර අවසාන දවසේ කල්ස් එකේ සෙල්ෆි ගහපු සෙට් එකේ මට මොකාද ඉතුරු උනේ කියලා..යාලුවෝ කියන්නේ එහෙමයි..මොනා කිව්වත් එකෙක් දෙන්නෙක් ඇරෙන්න උඹ Exam ෆේල් නම් උඹව අතෑරලා දානවා ඒක හැටි..
සමහර විට සෙට් එකක් 2nd shy සෙට් වෙයි ..එහෙම එහෙම බෙදිලා යනවා..සමහර අය ජොබ් කරන්න ..සමහර අය වෙන වෙන Course කරන්න එහෙම සෙට් වෙනවා..
මොන දේ කරත් කැම්පස් ගියත් තමන්ගේ නිහතමානීකම තියාගෙන ජිවිතේ දිනන්න ..
😌❤️
තව එකෙක්ව කපාගෙන නැගිටින්න එපා..
තව එකෙක්ව හරි ඔයා ගිය කැම්පස් එකට ගන්න බලන්න..
සමාජය හැම නිතරම පිරිසිදු නැහැ..
එක හැටි හැබැයි තමන් හරි තැන හරි දේ කරන්න..
එච්චරයි..
අවසානෙට අපිත් එකක් හිටපු උඹලා හැමෝටම කැම්පස් යන්න කියලා නෙවේ අපි කියන්නේ ජිවිතේ දිනපල්ලා..තමන්ගේ පුළුවන් පැත්තෙන් ඉස්සරහට පලයල්ලා..
හොද දෙයක් කරපන්.
පුළුවන් තරම් මනුසත්කම රැක ගනිල්ලා..
.
අපිට උදව් කරපු හැම ගුරුවරයෙකුටම..අපිත් එක්ක ගැටලු බෙදාගත්ත..අපේ ගෲප් එකේ උත්තර අනික් අයත් එකක් බෙදාගත්ත..අපිත් එකක් ප්‍රශ්න පත්‍ර බෙදාගත්ත නංගීලා මල්ලාට ගොඩක් පිං..
උඹලාගේ ත්‍යාගශීලීත්වය අගයනවා..ජිවිතේ දිනන්න එක උඹලාට ලොකු ශක්තියක් වෙවී...අනිවාර්යයෙන්ම..👌
උඹලට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි හැමෝටම..🙂🌸
ඔයාලගේ හැම අදහසක්ම අපිට වටිනවා ඒක නිසා ඔයාලගේ අදහස් පහලින් #Comment කරන්න..