පැහැදිලි කිරිමේ ප්‍රශ්න ලියන්න කලින්..





ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ ii කොටස තුල ඔබට විස්තරාමක පිළිතුරු අපේක්ෂිත  ප්‍රශ්න  දැක ගන්න පුළුවන්..
කොහමද මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ..
මුලින්ම ප්‍රශ්නය හොදට කියවලා මොකක් ද මේකේ අහන්නේ කියන දේ ඔලුවට දාගන්න ඔනී..
ඊට පස්සේ බලන්න ඔනී වැදගත්ම දේ තමා මේ ප්‍රශ්නෙට ලකුණු 4ක් දෙනවා ද 2ක් දෙනවා ද කියන එක..
ලකුණු දෙකකට නම් වැඩි පැහැදිලි කිරිමක් අපේක්ෂා කරන්නේ නෑ.නමුත් ලකුණු හතරකට සමහර විට ඔබට කරුණු හතරක් තහවුරු කරමින් පැහැදිලි කරන්න වේවී..
මේ පැහැදිලි කිරිම ලිවිම තුළ ඔබ මතක තියා ගත යුතු වැදගත්  දේ මොනවා ද..
එකම දේ නැවත නැවත ලියන්න යන්න එපා.
අනික් දේ තමා කරුණු වශයෙන් ලියන්න එපා. පැහැදිකි කිරිමේ/ විස්තර කිරිමේ ප්‍රශ්නයකට..
උදාහරණ ඉල්ලා ඇති විටක ඔබට පැහැදිලි කිරිමට පහසු උදාහරණයක් තෝරාගන්න..
ප්‍රායෝගික ව තමන් අදාල ප්‍රශ්න දෙස බලන්න..
ව්‍යාපාරික කෝණයෙන් උත්තර ලියන්න..
සෑම විටම තියරිය හයිලයිට් කරන්න,යටින් ඉරක් ඇදලා පෙන්න පුළුවන් නම් හොදයි..නැතිනම් උදෘත කොමා තුළ..
සංකල්පය පැහැදිලි කරන්න උස්සහ ගන්න..
🗣️ ඔබට අපි ලියන ලද ප්‍රශ්න 30කට වැඩි ප්‍රමාණයක් මෙම Link එකෙන් Download කර ගන්න පුළුවන් ..එය ඔබට උදව් වේවි.
 
 
ඒ වගේම ii පේපර් එකට මේ ටිකත් වැදගත් වෙයි...
ඔබට උපරිම ලිවිය හැකි ප්‍රශ්න 05 ක් මුලින් තෝරාගන්න..
ෆයිල් ක්ලිප් අරගෙන යන්න...
ලියන පිළිතුරු පිළිවලට තියා ගන්න..
සෑම ප්‍රශ්නයකට  පිලිතුරු සපයන්න...
ඔබ පුහුණු කල වේලාව තුළ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න...
ඔබට ජය✌
තෙරුවන් සරණයි..
Business studies Page©
online class