සන්නමක් යනු වෙළදපොලේඳපොලේ තරගකාරී නිෂ්පාදිත අතරින් යම් නිෂ්පාදිතයක් වෙන්කොට හඳුනාගැනීමට භාවිතා කරන,
❤ පදයක්
❤ ලාංඡනයක්
❤ ඒ දෙකේ සංකලනයක් හෝ වේ.
🤔සන්නම් පක්ෂපාතීත්වය යනු කුමක්ද
👉🏼සන්නම් පක්ෂපාතීත්වය යනු පාරිභෝගිකයින් කිසියම් සන්නමක් කෙරේ දක්වන කැමැත්තයි මෙහි අදියර / පියවර / මට්ටම් 3 කි.
🤟🏻පාරිභෝගික භාණ්ඩ ඉල්ලන විට සන්නම් නාමය කියා ඉල්ලීම
🤟🏻සන්නම්වරනය හෙවත් පහසුවෙන් මිලට ගැනීමට කැමති වීම.
🤟🏻වෙළඳපොලේ භාණ්ඩය දුටු විට හඳුනාගෙන මිලට ගැනීම .
🤜🏼ආයතනයක් තමන්ගේ සන්නම් ආරක්ෂා කර ගන්නේ කෙසේද ?
🙂බුද්ධිමය දේපළ පනත යටතේ වෙළෙඳ ලකුණක් ලෙස ලියාපදිංචි කිරිමෙන් සන්නම උපරිම ආරක්ෂාවක් ලැබේ එවිට ඒ වෙනත් අයකුට භාවිතා කළ නොහැකි ය
💙 කෙටි සටහන්
👉🏼ජාතික සන්නම - සමස්ත වෙළඳපොළට ම එකම සන්නම කි
නිද - කෝකාකෝලා
👉🏼පවුල් සන්නම - හැම නිමැවුමක ට ම එකම සන්නමක් යොදාගැනීමයි.
👉🏼භාණ්ඩ සන්නම - එක් එක් භාණ්ඩ යට වෙන වෙනම සන්නම යෙදීමයි.
👉🏼පුද්ගල සන්නම - නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත වෙළෙඳුන්ට අලෙවි කළ පසු වෙළඳුන් විසින් එම නිෂ්පාදිතය සඳහා නිර්මාණය කරගන්නා සන්නමයි.
නිදසුන් - නිපුණ සහල්
🙂ස්ව අධ්‍යයනය සඳහා
01.සන්නමක් සහිත නිෂ්පාදිතයන් වෙළඳපොලට ඉදිරිපත් කිරීමෙන් ව්‍යාපාරිකයාටත්වන වාසි දක්වන්න
02. සන්මකින් ගනුදෙනුකරුට අත් වන වාසි කවරේද
03. හොද සන්නමක තිබිය යුතු යහපත් ගුණාංග කවරේ ද ?
04. ඔබ පිරිසිදු උල්පත් ජලය බෝතල් කර සන්නමක් සහිතව වෙළඳපලට ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන්නේ යැයි සිතන්න ,මෙම නිෂ්පාදිත සඳහා සුදුසු සන්නම් නාමයක් ලියා දක්වන්න ,ඔබ ඒ සන්නම් නාමය තෝරාගැනීමට හේතු දක්වන්න .