පරිවර්තන ක්‍රියාවලිය (Transformation Process)
________________________________________________
ව්‍යාපාර ආයතනයක මෙහෙයුම් කළමනාකරණය දී සිදු කෙරෙන්නේ යෙදවුම්, නිමවුම් බවට නැතහොත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරිමයි.මෙය පරිවර්තන ක්‍රියාවලිය නැතහොත් වටිනාකම් දාමය ලෙස හැදින්වේ.
යෙදවුම් > පරිවර්තන ක්‍රියාවලිය > නිමවුම්
(සම්පත්)
ඉහත ක්‍රියාවලියේ දි යෙදවුම් ලෙස භූමිය, ද්‍රව්‍ය, ශ්‍රමය, යන්ත්‍ර, ප්‍රාග්ධනය, තාක්ෂණය, තොරතුරු, ශක්තිය වෙනත්.. අදිය යෙදවුම් ලෙස සලකණු ලබයි.
යෙදවුම් පරිවර්තනයකට භාජනය කිරීම මගින් ඒවාට අගය එකතු කොට එම නිමවුම් ගනුදෙනුකරුවනට හෝ සේවාදායකයින්ට සැපයීම සඳහා අනුගමනය කරන ක්‍රියාදාමය පරිවර්තන ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකිය.
මෙම පරිවර්තනය ක්‍රියාපටිපාටි,එකලස් කිරිම් තාක්ෂණය දැනුම යන අනුකොටස් වලින් යුක්තය.
නිමවුම් ලෙස භාණ්ඩ හා සේවා පරිවර්තනය ක්‍රියාවලිය තුළින් ජනිත වේ.
එක් එක් ආයතනය නිපදවන භාණ්ඩ හෝ සේවාවේ ස්වාභාවය අනුව පරිවර්තන ක්‍රියාවලිය වෙනස් වේ.
නිදසුන් ලෙස මෝටර් රථ වාහන නිෂ්පාදන ආයතනයක යෙදවුම් වන පරිවර්තන ක්‍රියාවලියට වඩා ආරෝග්‍ය ශාලාවක යෙදවුම් සහ පරිවර්තන ක්‍රියාවලිය වෙනස් වේ. භාණ්ඩ නිෂ්පාදන ආයතන වල මෙන්ම සේවා සපයන ආයතන වල පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ දැනුමක් සිසුන්ට තිබීම අත්‍යවශ්‍යය.
පරිවර්තන කිරිමේ මුලික ක්‍රම දෙකක් පවති.
01. විශ්ලේෂණ ක්‍රමය (ක්‍රියාවලියට යොදා ගන්නා ද්‍රව්‍ය මඟින් මගින් නිෂ්පාදිතයේ විවිධ කොටස් තැනිම
02. එකලස් ක්‍රමය (කොටස් එකතු කර නිමි භාණ්ඩ තැනීම)
Lakshan Fernando
Follow Business Studies Page - Facebook