🤔 මොකක්ද මේ අතුරුසම්මත ගිණුම
කිසියම් අනපේක්ෂිත සුවිශේෂී තත්ත්වයකදී (ස්වභාවික උපද්‍රව ය ,සිවිල් අරගල ,මැතිවරණ වැනි) ඉදිරි මුදල් වර්ෂය සඳහා අවශ්‍ය කිරීමට අපේක්ෂිත විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති අවස්ථාවල දී විසර්ජන කෙටුම් පත ඉදිරිපත් කරන තෙක් කෙටි කාලයකට (මාස තුනකට හෝ හතරකට )ආණ්ඩුවේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඒකාබද්ධ අරමුදලෙන් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරනු ලබන ලේඛනය අතුරු සම්මත ගිණුම ලෙස හැඳින්වේ .අයවැය ලේඛනයක ආදායම් හා වියදම් ඇස්තමේන්තු දෙවර්ගයම ඇතුළත් වන අතර අතුරු සම්මත ගිණුම ක ඇත්තේ වියදම් ඇස්තමේන්තුව කි.
🤔 මොකක්ද මේ විසර්ජන කෙටුම්පත කියන්නේ -
ඉදිරි මුදල් වර්ෂය සඳහා රජය විසින් දැරීමට නියමිත අපේක්ෂිත වියදම් විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වශයෙන් වර්ග කොට ,තවද රජය ලබා ගැනීමට නියමිත අපේක්ෂිත ආදායම් මාර්ග සඳහන් කොට ආදායම් හා වියදම් අතර වෙනසක් පවතී නම් එය මූල්‍ය කරගන්නා ආකාරය පිළිබදවත් දක්වමින් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා වාර්ෂිකව ඉදිරිපත් කෙරෙන කෙටුම්පතයි. විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු පනතක් බවට පත් වූ විට ඒ විසර්ජන පනත ලෙස හැඳින්වේ .විසර්ජන පනත පනත කතානායකවරයා අස්සන් කිරීමෙන් පසු එය නීතියක් බවට පත් වේ .අයවැය කතාව ඉදිරිපත් කිරීමට දින දහයකට පමණ පෙර විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ .මෙය අය වැය පළමු වර කියවීම ලෙස හැඳින්වේ .
👉 පසුව මුදල් ඇමති වරයා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය ,මෙය අයගේ ලේඛනය දෙවන වර කියවීම ලෙස හැඳින්වේ ,අයවැය දෙවන වර කියවීමේ දී ඉදිරි මුදල් වර්ෂය පිළිබඳ අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට විවාදයට භාජනය කරනු ඇත.
👉 පසුව එක් එක් අමාත්‍යාංශය වියදම් ඇස්තමේන්තු කාරක සභාවක් වශයෙන් රැස්වී වෙන වෙනම සාකච්ඡා කරනු ඇත මෙය අයවැය අය වැය තෙවනවර කියවීම ලෙස හැඳින්වේ මෙහිදී මුළු පාර්ලිමේන්තුවම කාරක සභාවක් ලෙස රැස් වීමෙන් ඉදිරි වර්ෂයේ අය-වැය යෝජනා ඉතා සවිස්තරාත්මකව විවාදයට භාජනය කරයි .
👉 අවසානයේදී විසර්ජන කෙටුම්පත තෙවන වර කියවීමෙන් අනතුරුව ඡන්දය විමසා වැඩි ඡන්දයෙන් සම්මත කර ගනු ලැබේ .වැඩි ඡන්දයෙන් සම්මත කරගනු ලැබූ පනත කතා නායකයාගේ අස්සන යෙදීමෙන් පසු එය නීතියක් බවට පත් වේ .
🤔 පරිපූරක ඇස්තමේන්තු කියන්නේ මොනව ද..
රජයේ අයවැය මඟින් යම් අමාත්‍යංශයකට අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට වියදම් දැරීම සඳහා විසර්ජන පනතන් වෙන් කරන මුදල් අයවැය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන විටෙක දී හෝ අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන විටකදී අවශ්‍ය අතිරේක මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුවෙන් අනුමත කරවා ගැනීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තුව කි.මේ අයවැය ලේඛනය ව වැය ලේඛනය වියදම් වෙනස් වීමට හේතු වන බැවින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ගැටලු ඇතිවීමට හේතු වේ
ඒ අනුව මේ දින වල,
මෑතකදී අමාත්‍යාංශවල සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් 2019 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් මීට පෙර මේ හා සමාන අවස්ථාවලදී අනුගමනය කරන ලද පූර්වාදර්ශවලට අනුකූල වන පරිදි 2019 වර්ෂය සඳහා වන අයවැය අනුමත වන තෙක් 2019 මුල් මාස 04 සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය වන අයවැය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමක් මඟින් සලසා ගැනීමටත්, ඒ සඳහා වන යෝජනාව පිළියෙල කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
👉 අනෙකුත් සියලු ප්‍රශ්න පත්‍ර හා ලිපි සදහා
💡https://bsstudents1st.ga
📲Whats App - Call -MSG
0772977734
📧 Email - businessstudystudents@gmail.com
❤️🙏🏻
කෙනකු වේ නම්..අනෙකාට උදව් කිරීමට රිසි ..
මෙය ඔවුන් උදෙසාය ..💕
..🤗
💯 ඔබේ ව්‍යාපාර අධ්‍යයනය විෂය ගැටලු අප වෙත එවන්න අපි සුදානම් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරිමට...
😀 නිර්මාණශිලි ව්‍යාපාර අධ්‍යයනය,විෂය දැනුමැති සිසුවෙකු අපගේ සිහිනයයි.
👍ඔබගේ මිතුරන් දැනුවත් කරනත් අමතක කරනන එපා.
BUSINESS STUDIES STUDENTS❤️